Lyrics

වශී වී මාගේ නෙතුපියන් මිදී අඳුරෙන් මා සසල වුණා අබියස ඔබෙ මුදු වදන් සසල සලෙළුන් නිසල කරවනා ඔබේ නෙතු යුග දුටිමි මා විඳින්නම් ඔබේ ප්රේමයන් මා හදේ මැවුණා වූ සිහිනයක කල් ගෙවමි ඔබ සමඟින් මල්සරාගේ දුන්නෙන් ගිලිහුණු ඊතලේ මම දන්නේ නෑ ඒ හීය මට මොකක්ද කළේ ඔයාගේ අතගන්න හීන ගොඩක් හද පතුලේ දිලේ මල් පිපුණා වගේ මැලවෙන්න ගිය රෝස පැළේ Shawty මගේ හිත කාන්දමක් ඇදෙන්නේ ඔයාගේ ලඟට අල්ලගෙන කුරුමානමක් සමරු පොත ගන්න කියලා දෙන්න පාඩමක් ඔයා වෙනුවෙන් ගන්නම් මම ඕන අවධානමක් මාවතේ මා අතේ රන්දා ඇඟිලි තුඩු හිතුමතේ තුරුලු කරන් සුරතෙන් යන්නයි මං දිගේ මං හිතෙන් ඔබ ගත සිඹ ගන්නැයි දෙන නදේ - ඇගේ අහිතකරයි මට අදි සාන්ද්ර මත් පෙති දැන දැනත් නුඹ අත්හරින්න බැරි හැටි පුරුද්ද නෙමෙයි මේක මගේ ජන්මෙ වෙන්නැති පස්සෙන් ගෙන්න ගත්තා නේද මාව shawty දැන් ඇති වශී වී මාගේ නෙතුපියන් මිදී අඳුරෙන් මා සසල වුණා අබියස ඔබෙ මුදු වදන් සසල සලෙළුන් නිසල කරවනා ඔබේ නෙතු යුග දුටිමි මා විඳින්නම් ඔබේ ප්රේමයන් මා හදේ මැවුණා වූ සිහිනයක කල් ගෙවමි ඔබ සමඟින් මට පෙන්නන්න පාර හීනෙ කෝඩුකාර නොකී ආදරේම ලිව්වෙ මම නුඹෙ නමට දාව සඳ ඇති රෑක තැනූ හීන මාලිගාව හැදුවේ නුඹට හිත පොඩිකර යන්න එපා දාලා මාව මං තාම ඔයාගෙ ආඩම්බර නෙතු ගාව මං මුලාව හොයාගන්න බැරුව දිශාව වංකගිරියක ඉන්න මට නුඹයි මාලිමාව Shawty අහගෙන ඉන්න එන්න මගේ ජීවිත කතාව ස්වර්ග මෝක්ෂ සැප සිහිවෙනකොට ඇගේ රක්ත තප්ත නෙතු ආවේනිකයි මට කලාව පුදදෙන්න මං වගේ සිත්තරෙකුට නුඹේ අත හිමි නෑ හඹා එන බොහෝ දෙනෙකුට නාග කන්යාවී මගේ දපනෙ වැටුනා මම ඔය පින්තාරු කළ රුව සන්ද්යාවකට සම තන්හාව ආශාව කැටිකරගෙන ඔයා ළඟ වස්සන්නම් වැහි මන්දාරම වශී වී මාගේ නෙතුපියන් මිදී අඳුරෙන් මා සසල වුණා අබියස ඔබෙ මුදු වදන් සසල සලෙළුන් නිසල කරවනා ඔබේ නෙතු යුග දුටිමි මා විඳින්නම් ඔබේ ප්රේමයන් මා හදේ මැවුණා වූ සිහිනයක කල් ගෙවමි ඔබ සමඟින්
Writer(s): Lakshitha Mihiran Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out